Published
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඒකමතික තීරණයකට එළඹීමට විපක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා පවසනවා.
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හතරවන දිනය වූ අද එම විවාදය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අද දිනයේ විවාදය ආරම්භ කළේ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතායි.
සර්ව ජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහාත ද විවාදයට එක්වුණා.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි.




