මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ රාත්‍රියේ පවත්වා තිබෙනවා.

ඒ, “කුරුම්බා මෝල්ඩිව්ස්” නිවාඩු නිකේතනයේදීයි.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සහ ජනාධිපති ආර්යාව විසින් එම විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. එම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු මෙරට දූත පිරිස සහභාගි වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.