ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා අතර හමුවක් ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග හමුවකට ද අද සහභාගී වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් රැසකට අද එක්වීමට නියමිතව තිබෙනවා. අමෙරිකාවට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය ද අමතනු ලැබුවා.