අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව රටවල් රැසකට පැනවූ අධික තීරුබදු ඉකුත් සමයේ ලෝකයේම දැඩි කතාබහක් ඇති කළ මාතෘකාවක් වුණා.

ඉකුත් අප්‍රේල් මාසයේදී ට්‍රම්ප් විසින් සියලු රටවල් සඳහා සියයට 10ක තීරු බද්දක් පනවනු ලැබුවා.

ඇතැම් රටවලට අතිරේකව තවත් සියයට 50ක් දක්වා බදු පැනවීමටයි එහිදී කටයුතු කළේ.

ශ්‍රී ලංකාවට පැනවූ බදු ප්‍රමාණය සියයට 44ක්.

එම අවස්ථාවේ ශ්‍රී ලංකාවද එම බදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා අමෙරිකාව සමග සාකච්ඡා ආරම්භ කළා.

ඒ අතරතුර සියලු රටවලට බලපැවැත්වෙන පරිදි මෙම තීරුබදු ක්‍රියාත්මක වීම දින 90කට අත්හිටුවීමටයි ට්‍රම්ප් තීරණය කළේ.

එම දින 90 අදින් අවසන් වීමට නියමිතව තිබුණ ද එය අගෝස්තු පළමුවනදා තෙක් කල් දැමීමටයි තීරණය වුණේ.

ඒ අනුව අදින් පසු ශ්‍රී ලංකාවට සිදු වන්නේ කුමක්ද? මේ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා.

අමෙරිකානු ජනාධිපතිවරයා මේ වන විට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවට කෙසේ බලපාවිද? මේ, පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා.

මෙම බදු සම්බන්ධයෙන් ඉකුත් සමයේ සැලකිය යුතු රටවල් ප්‍රමාණයක් අමෙරිකාව සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වුවා.

ඒ අනුව වෙළඳ හවුල්කාරීත්වයක් ඇති කරගත් එම රටවලට ලිපි යැවීම ආරම්භ කළේ ඉකුත් සඳුදා සිටයි.

එහෙත් එම රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබුණේ නැහැ.