ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරය නිමා කර අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයෙහි නිරත වීමට ප්‍රථම ඇමෙරිකාවේ පැවති 80 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සදහා සහභාගී වීමට ගොස් තිබුනා. ජනාධිපතිතුමා සමග විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා සහ තවත් උසස් රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙකු මෙම සංචාරය සදහා එක් වී සිටියා. ඔවුන් අද දින උදෑසන 09.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිනී බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කර සිටියේ.