රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදත් විවිධ අදහස් පළ වුණා. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වී වසරක් ගතවන අද දවස වන විට නැවතී තිබෙන සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වූ බවයි.

ජනාධිපතිවරයා පත්වී වසරක් ගතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මෙලෙස අදහස් පළ කළා.

විදෙස් සංචිත සහ ආර්ථික වර්ධනය පසුගිය වසරට සාපේක්‍ෂව අඩු වී ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අගලියවන්න මහතා සඳහන් කළේ.

ආණ්ඩුව මර්දනකාරී වැඩපිළිවෙළට සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුවී ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.