ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ බලධාරින් විවිධ විදෙස් සංචාරවල නිරත වුවද ඒ හරහා රටට ලැබුණු වාසිදායක තත්ත්වයන් පිළිබඳ කිසිවක් වාර්තා නොවන බව සමගි ජන බලවේගය පවසනවා.

එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සහාය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතුවන බවයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් රට හමුවේ තබා නොමැති බවයි තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ.