ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයට පැමිණෙන ඇතැම් අවස්ථාවලදි යන එන පෙරමියන්කුලම, පන්කුලම ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ නිවසක තිබී සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය අඩංගු හක්කපටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අනුරාධපුර පොලීසිය විසින්. අනුරාධපුර, පෙරමියන්කුලම, පන්කුලම ප්‍රදේශයේ නිවසක තිබී පුපුරන ද්‍රව්‍ය අඩංගු හක්කපටස් නම් සතුන් ඝාතනය කිරීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය පසුගියදා පොලීසිය විසින් සොයා ගනු ලැබුවා. මේ ගැන වැඩි අවධානයක් යොමු වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙන ඇතැම් අවස්ථාවලදී යන එන හෝටලයක් යාබද නිවසක තිබී එම පුපුරණ ද්‍රව්‍ය අඩංගු හක්කපටස් සොයා ගැනීම හේතුවෙන්. සිද්ධියට අදාළව විමර්ශන ඇරඹූ පළමුව එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, හෙරොයින්ද සමගින්. ඔහුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම් හමුවේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබාගෙන තවදුරටත් පොලිස් ප්‍රශ්නකිරීම් සිදු වනවා. එම සැකකරුවන් දෙදෙනාගෙන් ලබා ගත් තොරතුරු මත සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. අදාළ නිවස මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා යොදාගෙන ඇති බවද අනාවරණ වී තිබෙනවා. ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
Published