Published
2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම්ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්.
ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත් පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින් ජනාධිපති ලේකම්වරයා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.




