ඉදිරි වසර සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2025 වසරට සාපේක්‍ෂව තුන් ගුණයකින් ඉහළ දමා ඇති බවට ඇතැමුන් පෙන්වා දෙන කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ආණ්ඩුව පවසනවා.

2026 වසර සඳහා වන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට මෙන්ම පර්යේෂණ සඳහා වෙන් කළ මුදලද ඇතුළත් බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ.