විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පොළොන්නරුව මැදිරිගිරියේ පැවැති ජන හමුවක් අමතමින් කල අදහස් දැක්වීම.
පසුගිය දිනවල 33%කින් විදුලි බිල අඩු කරනවා කියා ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම 6.8%ක විදුලි බිල වැඩි කිරීමකට සූදානම් වූ බවත් එයට හේතුව IMF එකේ පදයට නටමින් රූකඩ නර්තනයක වත්මන් රජය නියැළුණු නිසා බවත් වත්මන් රජය බලයට ආවේ IMF නියෝජිතයන් ලෙස නොව ජනතාවගේ නියෝජිතයන් ලෙස ඡන්දයෙන් බවත් මොවුන් බලයට ආවේ IMF එකේ පදයට නටන්න නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය විදුලි බිල වැඩි කළොත් පාරට බහිනවා යැයි සමගි ජන බලවේගය අනතුරු ඇඟවූ නිසා මහජන උපයෝගීතා කොමිසම මාස තුනකට විදුලි බිල වැඩි කිරීම කල් දැමු බවත් ඉදිරි මාස තුන තුළ විදුලි බිල පොරොන්දු වූ ආකාරයට 33%කින් අඩු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රු.9000 බිල 6000 කරනවා යැයි වේදිකාවක් වේදිකාවක් පාසා කියූ බවත් ජනතාව එයට කැමති වූ නිසා ආණ්ඩුව පත් කළ බවත් එම නිසා මේ විදුලි බිල අඩු කරවීමට ජනතාව පාරට බැසිය යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේ දී සෑම වගාවකම පොහොර මිටිය රු. 5000ට දෙන බවට තමා පොරොන්දු වුවත් වත්මන් රජයේ රු.25000 පොහොර සහනාධාරය ඉල්ලා වත්මන් රජය බලයට පත් කළත් දැන් ඒ මුදල් නියමිත වෙලාවට නොලැබෙන බවත් සමහර තැන්වල වගාව අවසන් වුණාම මේ මුදල් ලැබෙන බවත් ගුණාත්මක පොහොර නොලැබෙන බවත් දැන් කෘෂි උපකරණ මිල පවා වැඩි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
අලි මිනිස් ගැටුම වන සතුන් මිනිස් ගැටුම නිසා හානි වන වගා සඳහා හරියාකාර රක්ෂණ ක්‍රමයක් දේපල හානි ජීවිත හානි වන්දි නොලැබෙන බවත් මේවා ගන්න රස්තියාදු වීමට පවා සිදුවන බවත් මේවා කර අමාරුවෙන් වගා කටයුතු කර අස්වැන්න ගත් පසු ඒවාට සහතික මිලක් නොමැති බවත් දැන් තෙත වී රු.95ක් බවත් රු.150ක සහතික මිලක් අණ පනත් හරහා දෙනවා කිව්වත් අද එය නොමැති බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නත් තහනම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද රජයේ ඇමතිවරු වීදුරු කාමරවල කැටිවළාකුළුවල සිට ගොවියාට හොද මිලක් ලැබෙන බවට පැවසුවත් අද ගොවියාට සාධාරණ මිලක් නොමැති බවත් අද ගොවියා රවටා මංමුලා කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.