Published
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත වුණා. පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයායි. විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන රාමනාදන් අර්චුනා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන්නා. විපක්ෂය නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ. මෙම විවාදය ආරම්භ කරමින් පළමුව අදහස් දැක්වූයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතායි.
විපක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර මහතා පළමුව විවාදයට එක් වුණා. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා විවාදයට එක් වූයේ මෙලෙසයි. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විවාදයට එක්වෙමින් ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා. මේ අතර එම විවාදයට එක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා පළ කළ අදහසක් හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද එම සංවාදයට එක් වුණා. මේ අතර අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පස්වරුවේ සිය සහතිකය සටහන් කර තිබෙනවා. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 18 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ලෙස බලාත්මක වන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කළේ.