කෘතහස්ත දේශපාලනඥයකු ද වූ දයා පැල්පොළ මහතා එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ලෙස වසර 15කට වැඩි කාලයක් කටයුතු කර තිබෙනවා.
ඔහු එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන මහ ලේකම් ලෙසද පක්ෂය ගොඩ නැංවීමේ දැවැන්ත කාර්ය භාරයක් කළ නායකයෙකි.
යහපාලන සමයේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කෙරුණු දයා පැල්පොළ මහතා (2015-2019) ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ අධ්‍යාපන සබඳතා වර්ධනය කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඔහු කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන්ද ප්‍රකටය.
පැල්පොල මහතා ශ්‍රී ලංකන් එයාර් ලයින්,ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙසද කටයුතු කර තිබෙනවා.
පැල්පොළ මහතා අභාවප්‍රාප්ත වන විට 85 වන වියෙහි පසු විය.
දේහය අංක 78,ලියනගේ මාවත, පැලවත්ත, බත්තර මුල්ල නිවසේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය පෙරහර නිවසින් හෙට(16) සවස 3ට පැලවත්ත ලියෝන් බැස්ටෝන් රෝමානු කතෝලික පල්ලියට පැමිණ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව බොරැල්ල කනත්තේදී සවස 4.30ට භූමදාන කටයුතු සිදු කරනු ලබනවා.




