ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයායි. කරුණාරත්න මහත්මිය එම දෙපාර්තමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරියයි. දැනට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ඩී.ඩී.ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත හෙට සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිතයි. ඒ අනුව නව පත්වීම හෙට දිනයේ සිට ක්‍රියාත්මක වනවා.