මානව සම්පත් හුවමාරුව, පරිසරය, ඩිජිටල් තාක්ෂණය, අවකාශය සහ සංස්කෘතික සහයෝගීතාවය ආවරණය වන පරිදි නව මුල පිරීම් කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුම් සහ අනෙකුත් ගිවිසුම් 3ක් අත්සන් කිරීමත් සමඟ ඉන්දියාව සහ ජපානය සිකුරාදා ඔවුන්ගේ විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය පුළුල් කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජපාන සංචාරයට සමගාමීව ගිවිසුම් අත්සන් තැබීම සිදුවිය. දෙරට අතර 15 වැනි වාර්ෂික සමුළුවේ කොටසක් ලෙස ටෝකියෝ හි පැවති ගිවිසුම් හුවමාරුව අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා ඉදිරියේ සිදු කෙරිණි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව මෙම ගිවිසුම් මගින් ඉදිරි දශකය තුළ ද්විපාර්ශ්වික සහයෝගීතාවය සඳහා පුළුල් රාමුවක් සකස් කෙරේ. ඛනිජ සම්පත්, සංස්කෘතික හුවමාරුව සහ පාරිසරික සහයෝගීතාවය යන ක්ෂේත්‍රවල සහයෝගීතා ගිවිසුමකට ද ඉන්දියාව සහ ජපානය අත්සන් තැබීය.
Published