ජපානයේ ඉන්දීය තානාපති කාර්යාලය ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබුණි.

ඒ සඳහා යෝගා සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන 2000කට අධික පිරිසක් සහභාගී වී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම විශේෂ යෝගා වැඩසටහන සඳහා ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබාගේ බිරිඳ යොෂිකෝ ඉෂිබා ද සහභාගී වූ බවයි.

එම අවස්ථාවට ජපාන විදේශ අමාත්‍ය ටකේෂි ඉවායාගේ බිරිඳ වන සතොකෝ ඉවායා ද සහභාගී විය.

ජපානයේ ඉන්දීය තානාපති සිබි ජෝර්ජ් මෙන්ම ජපානයේ සිටින ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, නේවාසික තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙම අවස්ථාවට සහභාගී වූ බව ඉන්දීය තානාපති කාර්යාලය සඳහන් කළේය.