ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් රුසියාවේ සංචාරයක නිරතවීමට සූදානම් බව වාර්තා වේ.

ෂැංහයි සහයෝගීතා සංවිධානයේ රාජ්‍ය නායක මණ්ඩල රැස්වීම සඳහා තම ඉන්දියාවේ නිල නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස අමාත්‍ය ජයිශංකර් මොස්කව් වෙත පැමිණීමට නියමිතයි.

ඊට සමගාමීව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් අතර හමුවක් නොවැම්බර් 17 වන දින මොස්කව්හිදී සිදුවන බව රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පැවසුවාය.

ඇය පැවසුවේ එම හමුවේදී දෙරට අතර වත්මන් සහ අනාගත දේශපාලන සහයෝගීතාව සාකච්ඡා කෙරෙනු ඇති බවයි.

එම හමුවේදී දෙරටේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙපළ ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන කරුණු සමාලෝචනය කරනු ඇති බව ද සකාරෝවා සඳහන් කළාය.