වනජීවි නිලධාරීන් කණ්ඩායමක් සිදු කරන ලද විශේෂ වැටලීමකදී ගෝන මස්, කබල්ලා මස්, මී මින්නා මස් සහ ඉබි මස් තොගයක් සහ ඉබි බිත්තර 14 ක්, ගල් ඉබ්බන් 6 දෙනෙකු සහ ඇත් දළ කොටස් වලින් සකසන ලද පලදනාවක් සමඟ අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් බාරයට පත් කර සිටි අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ කෝටිපති ප්‍රධාන කපුවා (මහදුරයා) ශරීර ඇප මත මුදා හැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මෙනවිය නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් නියම කල අතිරේක මහේස්ත්‍රාත්වරිය යළි 2026 වසරේ ජනවාරි මස 22 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කරනු ලැබුවා.
සාක්ශිකරුවන්ට හෝ විමර්ශන වලට බලපෑම් නොකරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුට තරයේ අවවාද කර තිබෙනවා.
සැකකරු සමඟ අත් අඩංගුවට ගත් විවිධ වන සතුන්ගේ මස් කොටස් වල සාම්පල ජාතික සත්වෝද්‍යානයට යවා ඊට අදාළ වාර්තාවක් අධිකරණයට කැඳවන ලෙසටද වනජීවි නිලධාරීන්ට නියෝග කල අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු සමඟ අත් අඩංගුවට ගත් ගල් ඉබ්බන් පශූ වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කර සුදුසු ස්ථානයකට මුදා හරින ලෙසටද නියෝග කෙරුණා.
මෙම නඩුකරය යළි කැඳවූ අවස්ථාවේ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රිටිගල වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩී රාමසිංහ මහතා පැවසුවේ මෙරට බෞද්ධ ජනතාව දහදිය මහන්සියෙන් උපයා ගෙන ජය ශ්‍රි මහ හමුදුරුවන්ට පූජා කල මුදල් වලින් ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපුවා (මහදුරයා) ලෙස කටයුතු කරන මෙම සැකකරු බලවත් ධනවතෙකු බවට පත්ව මහ බලයක් ඇති අයෙකු බවට පත්ව සිටින බවයි.
එම ධන බලය සහ විවිධ තරාතිරම් වල පුද්ගලයින් සමඟ ඇති සබඳතා මත සැකකරු විමර්ශන වලට විවිධාකාරයෙන් බලපෑම් එල්ල කරමින් විමර්ශන විකෘති කිරීමට උත්සහ දරන බවද කියා සිටි අඩවි ආරක්ෂකවරයා මෙම සිද්ධිය නිසා සමාජය තුල මෙන්ම විශේෂයෙන් බෞද්ධ ජනතාව තුල බරපතල කැලඹිමත් ඇති වෙමින් පවතින බවද අවධාරණය කර තිබෙනවා.
සැකකරුගේ නිවසේ නීති විරෝධී බොහෝ දෑ තිබෙන බවත් පුලුවන් නම් අත් අඩංගුවට ගෙන පෙන්වන ලෙසට සමාජ මාධ්‍ය මගින් වනජීවි නිලධාරීන්ට අභියෝග එල්ල කර ඇති බවද ප්‍රකාශ කල අඩවි ආරක්ෂකවරයා තමන් සතුව තිබූ විවිධ වන සතුන්ගේ මස් වර්ග පිටස්තර පුද්ගලයින් විසින් තමන්ට ලබා දුන් බව සැකකරු පැවසුවද එලෙස තමන්ට මස් ලබා දුන්නේ කවුරුන්ද? යන්න හෙලි කිරීම සැකකරු චේතනාන්විතවම පැහැර හරිමින් විමර්ශන නොමඟ යැවීමට උත්සහ දරන බවද පැවසීය.
අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපුවා (මහදුරයා) ලෙස කටයුතු කරමින් සැකකරු සිදු කර ඇති බරපතල නීති විරෝධි සහ විෂමාචාර ක්‍රියා මාධ්‍ය ඔස්සේ සමාජගත වීමත් සමඟ මෙරට සහ විදේශ රටවල වල සිටින ශ්‍රි ලාංකික බෞද්ධ ජනතාව දැඩි කම්පනයට සහ කැලඹිමට පත්ව සිටින බවද පවසා සිටි අඩවි ආරක්ෂක ඩී රාමසිංහ මහතා සැකකරු සමඟ සිය බාරයට ගත් ඇත් දල වලින් සකසන ලද අත් පලදනාව භික්ෂූන් වහන්සේ නමක ඔහුට ලබා දුන් බව පවසා ඇති බවත් ඒ අනුව අදාළ භික්ෂූන් වහන්සේ සහ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීමට සිටින බවත් කීවේය.
සැකකරු සන්තකයේ තිබියදී සොයා ගත් සියළු භාණ්ඩ රජයේ දේපල බවද අඩවි ආරක්ෂකවරයා ප්‍රකාශ කර තිබෙනවා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා පැවසුවේ සැකකරුට එල්ල කර ඇති සියළු චෝදනා ඇප ලබා දිය හැකි ඒවා බවයි.
මහජන කැලඹීමක් ඇති බවට පොලිසිය වාර්තා කර නැති බවද කියා සිටි ජනාධිපති නීතිඥවරයා ඒ අනුව ඇප පනතේ 14 වන වගන්තිය ප්‍රකාරව සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් රිටිගල වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩී රාමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා සහ නීතිඥ මදාරා විජේසිංහ මහත්මිය සහ නීතිඥ ජයලත් අබේසිංහ මහතා පෙනී සිටියේය.
මෙසේ ඇප මත මුදා හැරියේ අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපුවා ලෙස කටයුතු කරන අනුරාධපුර විහාරපාලුගම විහාර කල්ලංචිය නිවාස පනහ පදිංචි බෝධියාගේ ජයවර්ධන නොහොත් මංජු නැමැති 50 හැවිරිදි පුද්ගලයෙකි.
විවිධ වන සතුන්ගේ මස් වර්ග සහ ජීවි ගල් ඉබ්බන් සමඟ මෙම කෝටිපති ප්‍රධාන කපුවා අත් අඩංගුවට ගත් අවස්ථාවේ වැටලීම සිදු කල වනජීවි නිලධාරීන්ට දුරකථනයෙන් අමතා ඇති ඇතැම් භික්ෂුන් වහන්සේලා සහ විවිධ තරාතිරම් වල පුද්ගලයින් සැකකාර කපුවා සහ ඔහු සමඟ අත් අඩංගුවට ගත් සියළු දෑ මුදා හරින ලෙසට වනජීවි නිලධාරීන්ට බලපෑම් කර ඇති අතර එම බලපෑම් වලට අවනත නොවූ වනජීවි නිලධාරීන් සැකකරු සහ ඔහු සමඟ අත් අඩංගුවට ගත් සියලු දෑ නොපමාව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
වැටලීම සිදු කරන අවස්ථාවේ ප්‍රධාන කපුවාගේ නිවසේ තිබූ සේප්පුවේ පමණක් දළ වශයෙන් රුපියල් ලක්ෂ තුන් සියයකට අධික මුදලක් සහ රත්‍රං පවුම් සියයකට අධික ප්‍රමාණයක් තිබූ බව වැටලීමට සහභාගි වූ වනජීවී නිලධාරීහූ පවසනවා.




