ජර්මානු ඔලිම්පික් ශූරියක වන ලෝරා ඩොල්මයර් පාකිස්තානයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
kඇය කඳු නැගීමක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලෝරා ඩොල්මයර් තවත් කඳු නැගීමේ සහකාරියක සමග පසුගිය සඳුදා ගිල්ගිට්-බෝල්ටිස්තාන් කලාපයේ කඳු නැගීමේ නිතර වී තිබෙනවා.
අනතුරට ලක්වන විට ඇය ලායිලා කඳු මුදුණේ සිට ඇති අතර, එහිදී මීටර් 5,700ක් පමණ උසකින් වූ ප්‍රදේශයකින් පහළට ඇදවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එදින පැවති අයහපත් කාලගුණය හා දුර්වල ආලෝක තත්ත්වය හේතුවෙන් පසුදින උදෑසන තෙක්ම ගලවාගැනීමේ හෙලිකොප්ටරයකට ලෝරා ඩොල්මයර් වෙත ළඟාවීමට නොහැකි වී තිබුණා.
මෙම ගලවාගැනීමේ මෙහෙයුමට ජර්මනියේ සහ එක්සත් ජනපදයේ විශේෂඥ කඳු නගින්නන් ද එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අතිවිශිෂ්ට ක්‍රීඩිකාවක වන 31 හැවිරිදි ලෝරා ඩොල්මයර්, ඔලිම්පික් උළෙල 2කට, ලෝක ශූරතාවලි 5කට හා ලෝක කුසලාන 7කට ජර්මනිය නියෝජනය කරමින් සහභාගි වී තිබෙනවා.