කළුතර දිස්ත්‍රික්කයේ මතුගම යටදොල හරහා අලුත්ගම මාර්ගයේ කීරන්තිටිය ප්‍රදේශයේ ජනතාව මුහුණපාන ගැටළුවක් පිළිබඳව අද කරුණු අනාවරණය කරනවා.

ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය නව ව්‍යාපෘතියක් ලෙස මතුගම අගලවත්ත් ජල යෝජනා ක්‍රමය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ගම්මානවලට ජලය ලබා දී ඇති අතර කීරන්තිටිය සහ පුස්සලමුල්ල ග්‍රාම නිලධාරි වසම් දෙකම මගහැරී තිබෙන බවයි ගම්වාසින් පවසන්නේ.

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.