චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු ජවිපෙ නායකයින් පිරිසක් අතර හමුවක් අද (24) පස්වරුවේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වි තිබෙනවා.

එම හමුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng සහෝදරයා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහෝදරයා, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Peng Xiubin සහෝදරයා ඇතුළු දූත පිරිසක් එක්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා, මධ්‍යම කාරක සභික වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ සහෝදරයා ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

මෙම හමුවේදී චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින දීර්ඝකාලීන ම්ත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහායසය, රටේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර ජනාධිපති අනුර දිසානායක සහෝදරයාගේ චීන සංචාරය හා සමගාමීව අත්සන් කළ අවබෝධතා ගිවිසුම් අනුව 2025 වර්ෂයේදී සිදු කරන ලද සහයෝගීතා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද සාකච්ඡා කරණු ලැබුවා.

දිත්වා සුළි කුණාටුව නිසා ලංකාවට සිදු වූ බලපෑම්වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් චීන රජය ලබා දුන් ආධාර සහ උපකාර පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ස්තුතිය හා සතුට පල කරන ලදී.

එවැනි උපකාර ඉදිරියටත් කිරීමට බලාපොරොත්තුවන බව Wang Junzheng සහෝදරයා සඳහන් කරන ලදී.

පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 04වන පූර්ණ සැසිවාරය පිළිබඳවත් 20වන මධ්‍යම කාරක සභාවට සමගාමීව (23) වනදා ලංකාවේ පැවති වැඩසටහන සාර්ථකව අවසන් වූ බවත් Wang Junzheng සහෝදරයා සඳහන් කරන ලදී.

මේ දිනවල චීනය තුළ විශේෂයෙන්ම සාකච්ඡාවට ගැනෙන 15 වන පස් අවුරුදු සැලැස්ම සම්බන්ධයෙන්ද මෙහිදී Wang Junzheng සහෝදරයා වැඩිදුරටත් අදහස් දක්වා තිබෙනවා.

ඉදිරි වර්ෂය තුළ චීන කොමියුනිස්ට් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද වැඩිදුර මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.