ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 05 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් සහ පත් කිරීම් ලබා දී තිබෙනවා.
ඒ, පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදියි.
ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී කළ සංජීව ධර්මරත්න මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුරට පත් කර තිබෙනවා.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී කළ සජීව මැදවත්ත මහතා පත් කර ඇත්තේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.
අපරාධ හා රථවාහනදිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා එම තනතුරට අමතරව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී අවරණ කිරීම සඳහා පත් කර තිබෙනවා.
උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ ටී සී ඒ ධනපාල මහතා උතුරුමැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය සහ උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණ කළ ජී එම් එච් බී සිරිවර්ධන මහතා උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා.





