ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ආගමික වතාවත් වලින් අනතුරුව වැඩ භාර ගෙන තිබුනා.
එම ආගමික කටයුතු සහා ඔවුන් දෙපලට ආශිර්වාද කිරීම සඳහා පුජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියන් වැඩම කර තිබුණා.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පොලිස් දේපාර්තමේන්තුවේ ප්‍රධාන පරිපාලන ධුරයෙහි වැඩ භාරගත් අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයෙහි වැඩ භාරගෙන තිබුණා
මේ සම්බන්ධයෙන් පුජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියන් මුහුණු පොතේ සටහනක් තබා තිබුණා
එහි සඳහන් කර සිටියේ පුජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියන් එම අවස්ථා දෙකටම සහභාගී වූ බවත් දෙදෙනාට ම යහපත් සේවාවකට අසිරි පතන බවයි
තවද දෙදෙනාම හිතවතුන් වන බවත් යහපත් චරිතයන්ගෙන් හෙබි දක්ෂ නිලධාරින් ලෙස ද ප්‍රකට වන බවයි පුජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියන් සඳහන් කර සිටියේ.















