අයි.එල් ටී ටුවෙන්ටි ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරඟයේදී පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට පැතුම් නිස්සංක සමත් වුණා.

ඒ, “ගල්ෆ් ජැන්ට්ස්” කණ්ඩායම වෙනුවෙන්.

අයි.එල් ටී ටුවෙන්ටි ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ එහි තුන්වන තරඟ පැවැත් වුණා.

ඒ, “මුම්බායි ඉන්දියන්ස් එමිරේට්ස්” සහ “ගල්ෆ් ජැන්ට්ස්” කණ්ඩායම අතරයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් “මුම්බායි ඉන්දියන්ස් එමිරේට්ස්” කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 06ක් දැවී ලකුණු 163ක් රැස් කළා.

එහිදී නුවන් තුෂාර ලකුණු 41කට කඩුලු 02ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ “ගල්ෆ් ජැන්ට්ස්” කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 04කදී කඩුලු 04ක් පමණක් දැවී තරඟය ජය ගත්තා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 42කදී ලකුණු 81ක් රැස්කළේ හතරේ පහර 06ක් සහ හයේ පහර 04ක් සමගයි.

මෙම තරඟාවලිය පැතුම් නිස්සංකගේ පළමු ජාත්‍යන්තර ලීග් ක්‍රිකට් තරඟාවලිය වනවා.