ජාත්‍යන්තර හෙළා දැකීම නොතකා ඊශ්‍රායලය විසින් ගාසා නගරයට දැවැන්ත ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය ද මෙම ප්‍රහාරය තහවුරු කර ඇති බවයි.
ඊශ්‍රායල හමුදාව මෙම ප්‍රහාරය දියත් කළේ ඉකුත් දින කිහිපයේ දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කළ පසුබිමකයි.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇත්තේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට අඛණ්ඩව පහරදෙන බවයි.
ඊශ්‍රායලය, ගාසා යුද්ධයේ තීරණාත්මක අවධියක සිටින බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද පවසා තිබෙනවා.
ඊශ්‍රායලය මෙලෙස දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම විසින් ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදුකර ඇති බවට ඊශ්‍රායලයට චෝදනා නඟා ඇති පසුබිමකයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන අනතුරු අඟවා ඇත්තේ ගාසා තීරයේ ජනතාවගෙන් බහුතරයක් සාගතයෙන් පෙළෙන බවයි.
මේ අතර ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ගාසා තීරයේ වැසියන් මේ වන විට සිය වාස භූමි අතහැර පලා යමින් සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ගාසා තීරයෙන් පලාගොස් ඇති සංඛ්‍යාව එහි ජනගහනයෙන් සියයට 40කට අධිකයි.




