35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික්කය සමත් වුණා.

ඒ, ලකුණු 174ක් ලබාගනිමින්.

එහි අනු ශුරතාවය හිමි වුයේ ලකුණු 134ක් ලබා ගත් ගම්පහ දිස්ත්‍රික්කයටයි.

මෙවර ජාතික යෞවන ක්‍රීඩා උළෙලේදී කොළඔ දිස්ත්‍රික්කය දිනා ගත් ලකුණු සංඛ්‍යාව 88ක්.

හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගිය 19වනදා ආරම්භ වූ 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ ක්‍රිඩා උළෙල ඊයේ රාත්‍රියේ නිමාවට පත් වුණා.