කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් දින දෙකක් පමණ රෝහලේ රැඳී සිටීමට සිදුවනු ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඔහු කරුණු දැක්වූයේ මෙලෙසයි.

තමන්ට එල්ල කරන චෝදනා කිහිපයකට ද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මෙම මාධ්‍ය හමුවේදී පිළිතුරු ලබාදුන්නා.