2025 වසර සඳහා ජාතික ශිෂ්‍ය භට බලකායේ හර්මන් ලූස් පිරිමි අංශයේ අභියෝගතා කුසලානය කුරුණෑගල මලියදේව විද්‍යාලය දිනාගෙන තිබෙනවා.
කාන්තා අංශයේ, ද සොයිසා අභියෝගතා කුසලානය දිනාගත්තේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයයි.
2025 වසර සඳහා ජාතික ශිෂ්‍ය භට බලකායේ හර්මන් ලූස් සහ ද සොයිසා අභියෝගතා කුසලාන සඳහා වූ වාර්ෂික තරඟාවලියේ විසිරයාමේ පෙළපාලිය මෙවර පැවැත් වුණේ රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්ය්භට බලකා පුහුණු මධ්‍යස්ථානයේදීයි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා විසින් මේ සඳහා සහභාගි වූ යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක නියෝජනය කළ පාසල් කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය අගය කර තිබෙනවා.
එමෙන්ම ඉදිරි වසරවලදී ජාතික ශිෂ්‍ය භට බලකායේ කඳවුරු සඳහා සහභාගී වන සංඛ්‍යාව වැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ.