කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.

එම වාර්තාවලට අනුව මෙරට රිලවු – මිලියන 5.71 ,වඳුරෝ – මිලියන 1.74 ,මොණරු – මිලියන 4.24 , දඬුලේන්නු – මිලියන 2.26 සිටින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ

මේ අතර සත්ත්ව සංගණනය සඳහා මිලියන 2.7ක මුදලක් වැය වී ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා සිටියා