සියලුම අංශ ආවරණය වන පරිදි ඉදිරි වසර 10 සඳහා වන ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

බෝ නොවන රෝග පාලනය සඳහා ප්‍රතිකාර කිරීම සහ මානසික රෝග ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව වැඩි අවදානයක් යොමු කරමින් එය සකස් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.