1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය විසින්. ළමා ආරක්ෂක අධිකාරී පනත සම්මත කර මේ වන විට වසර 25කට පමණ කාලයක් ගතවී ඇති අතර එම කාල සීමාව තුළ සිදුව ඇති සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික පරිවර්තයන් හේතුවෙන් ළමයින්ට එරෙහිව සිදුවන අපයෝජන හා හිංසනයන් සංකීර්ණ ස්වභාවයකට පත්ව තිබෙනවා. එබැවින් ළමයින්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන වැලැක්වීමට හා ඊට ප්‍රතිචාර දැක්වීමට දැනට පවතින නීතිරීති කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීම මෙම පනත සංශෝධනය කිරීමේ අරමුණයි. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා.
Published