ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ඊට අදාළ නීතිද ශක්තිමත් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එසේ කටයුතු නොකළහොත් මීට වඩා දැඩි ව්‍යසනයකට රටට මුහුණ දීමට සිදු වනු ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.

ස්ථාපිත කිරීමට නියමිත යළි ගොඩනැගීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ නීතිමය ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.