Published
ඉතිහාසයේ එක් මාසයක් තුළ ශ්‍රී ලංකා රේගුව එකතු කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 231ක් ලබා ගැනීමට පසුගිය ජූලි මාසයේ හැකිවූ බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ජූලි මාසයේ තිස් එක් වෙනිදා වන විට එකතු කළ යුතු ආදායම ඉක්මවා රුපියල් බිලියන 116ක් ඉදිරියෙන් පසුවන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.
ගතවූ කාලය තුළ වැඩිම ආදායමක් හිමි වූයේ මෝටර් රථ වාහන ආනයනයෙන් බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.