ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා ආධාර අනුබල ලබාදුන් නීතීඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

පොලිසිය පැවසුවේ සැකකාර ඉෂාර සෙව්වන්දිට ඝාතනය සඳහා පිස්තෝලය සැඟවීමට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දී ඇත්තේ මෙම නීතිඥවරිය බවයි.

මීට අමතරව තවත් පොත් දෙකක් ද ඇය විසින් ලබාදී ඇති බවද පොලිසිය සඳහන් කළා.

එමෙන්ම ඇය නීතීඥ හැඳුනුම්පත සහ නීතීඥවරුන්ගේ වාහන අවසර පත්‍රය ද ලබාදී ඇති බවටයි මූලික පරික්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මීට අමතරව මෙම සැකකාර නීතීඥවරිය ඉෂාරා සෙව්වන්දිට ටයි පටි දෙකක් ද ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළා. අදාළ සැකකාර නීතිඥවරිය කඩවත ප්‍රදේශයේ පදිචිංකාරියක්.

සැකකාරිය මහර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. ඇය පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කළේ.