අමෙරිකාව විසින් ඉරානයට නැවතත් ප්‍රහාර එල්ල කළ හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු අගවා තිබෙනවා.
ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනධිපතිවරයා මේ බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සිදු කළ ප්‍රකාශය හේතුවෙන් අමෙරිකාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එහිදී ඉරානයේ උත්තරීතර නායකයා පවසා ඇත්තේ පැවති දින 12ක යුද්ධයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය පරාජය කරමින් ඉරානය විසින් තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ඇති බවයි.
එසේම අමෙරිකාව විසින් පහර දුන් න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සැලකිය යුතු කිසිවක් සිදු නොවූ බවයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සඳහන් කළේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෲත් සමාජ මාධ්‍ය ඔස්සේ දීර්ඝ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සමඟ යුද්ධය ජයග්‍රහණය කළ බව ඉරානයේ උත්තරීතර නායක කමේනි පැහැදිලි කර ඇති අතර ඔහු වැනි නායකයකු අසත්‍ය පැවසීම නුසුදුසු බවයි.