ඉරාන – ඊශ්‍රායල් යුද්ධයට අමෙරිකාවේ සෘජු මැදිහත් වීම ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීමට ඇති සම්භාවිතාව මත තීරණය වනු ඇතැයි ධවල මන්දිරය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
ධවල මන්දිර මාධ්‍ය හමුවකදී, මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසා ඇත්තේ ඒ සඳහා සති දෙකක කාලයක් ඉතිරිව පවතින බවයි.
ඉරාන – ඊශ්‍රායල ගැටුමට අමෙරිකාවේ සම්බන්ධ වීම පිළිබඳ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සති දෙකක් ඇතුළත තීරණය කරනු ඇති බව ධවල මන්දිරය එහිදී පැවසුවා.
කෙසේවෙතත් සාකච්ඡා සඳහා ද සැලකිය යුතු අවස්ථාවක් ඇති බැවින්, ඉදිරි සති දෙක ඇතුළත ඉරාන – ඊශ්‍රායල ගැටුමට අමෙරිකාව සෘජුවම සම්බන්ධ වේද යන්න ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරනු ඇති බවයි ධවල මන්දිරය පැවසුවේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට පහරදීමේ සැලසුම අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණ ද ඊට අදාළ අවසන් තීරණය ලබාදී නොමැති බවයි එහිදී වාර්තා කර තිබුණේ.
කෙසේවෙතත් මීට පෙර, ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණේ මෙම ගැටුමට අමෙරිකාව සම්බන්ධ වුවහොත් එය කලාපයේ “නිරය” වනු ඇති බවයි.
මේ අතර ඉරාන – ඊශ්‍රායල් යුද්ධයට සතියකට පසු, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ.
නමුත් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම විනාශ වී නොමැති බවද එම වාර්තාවල සඳහන්.