අමෙරිකාව පැනවූ තීරු බදු හේතුවෙන් ලෝක ආර්ථිකය අර්බුදයකට පත්ව තිබෙනවා.
ඒ, යුරෝපයේ සහ ආසියාවේ පමණක් නොව අමෙරිකාවේද කොටස් වෙළඳපොළ පහත වැටීම හේතුවෙන්.
යුරෝපයේ බොහෝ රටවල මෙන්ම ජර්මනියේද එක්සත් රාජධානියේද කොටස් වෙළඳපොළ පහත වැටී තිබෙනවා.
ට්‍රම්ප්ගේ තීරුබදු නිවේදනයෙන් පසු පළමුව පහත වැටුණේ ආසියානු වෙළඳපොළයි.
ජපානයේ මෙන්ම ඕස්ටේ්‍රලියාවේද කොටස් වෙළඳපොළ පහත වැටී තිබෙනවා.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරණය තවත් අර්බුදයක් බවට පත්ව ඇත්තේ එය රැකියා වෙළඳපොළටද තර්ජනයක් එල්ල කිරීම හේතුවෙන්.
ඒ, තීරුබදුවලින් පැන නගින අවිනිශ්චිතතාවය හමුවේ බොහෝ සමාගම් නව බඳවා ගැනීම් සහ ආයෝජන නතර කිරීමත් සමගයි.
අමෙරිකාවේ රැකියා වෙළඳපොළට සිදුවන හානිය පිළිබඳ ආර්ථික විශ්ලේෂකයින් මේ වන විට සමීපව අධ්‍යයනය කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකානු කම්කරු දෙපාර්තමේන්තුවේ නවතම මාසික වාර්තාවට අනුව, පසුගිය මාසයේ සේවායෝජකයින් නව රැකියා 73,000ක් පමණක් ලබා දී ඇති අතර එය අමෙරිකාවේ රැකියා නිර්මාණය තියුණු ලෙස මන්දගාමී වීමක් ලෙසටයි විදෙස් මාධ්‍ය හඳුන්වා දී ඇත්තේ.
මැයි සහ ජුනි මාසවල රැකියා වර්ධනය පවා ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්.
විරැකියා අනුපාතය ද ජූලි මාසයේදී සියයට 4. 2ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.