විශ්වවිද්‍යාල උත්සවයකදී වේදිකාවේ සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන දක්ෂිණාංශික ක්‍රියාකාරික චාලි කර්ක් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුට පොලීසියට යටත් වීමට ඔහුගේ පියා කළ පෙළඹවීම මත බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව 22 හැවිරිදි අදාළ සැකකරු ඝාතනය වී පැය 33ක් ඇතුළත පොලීසිය ඔහු අත්අඩංගුවට ගත් බවයි අමෙරිකාවේ යූටා ආණ්ඩුකාරවරයා පවසන්නේ. අදාළ ඝාතනය කිරීමෙන් සැකකරු සිය පියාට ඒ පිළිබඳව පාපොච්චාරණය කරමින් පවසා ඇත්තේ තමන් පොලීසියට යටත් වීමට වඩා සියදිවි නසා ගැනීමට කැමති බවයි. කෙසේවෙතත් ඔහුගේ පියාගේ පෙළඹවීම මත සැකකරු පොලිසියට භාර දී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.