අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එරට ලොස් ඇන්ජලිස්හි හටගත් විරෝධතා මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
මෙම විරෝධතා ආරම්භ වූයේ ට්‍රම්ප් පරිපාලනයේ දැඩි සංක්‍රමණ නීති බලාත්මක කිරීමට එරෙහිවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉකුත් සතියේ රටවල් 12කට බලපැවැත්වෙන පරිදි සංක්‍රමික තහනමක් පනවනු ලැබුවා.
එය ක්‍රියාත්මක වීමටත් පෙර ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ලොස් ඇන්ජලිස්හි සිටින නීති විරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කළා.
ඊට එරෙහිවයි මෙම විරෝධතා ආරම්භ වුණේ.
විරෝධතා උත්සන්න වීමත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි ලොස් ඇන්ජලිස් නුවරට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.
එය අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 08.00 සිට පසුදින උදෑසන 06.00 දක්වා ක්‍රියාත්මකයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොස් ඇන්ජලීස් වෙත ජාතික ආරක්ෂක භටයින් දහස් ගණනක් සහ අමෙරිකානු නාවික භටයින් සිය ගණනක් යොමු කර තිබෙනවා.
කෙසේවෙතත් කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා සහ ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරයා යන දෙදෙනාම පවසන්නේ ට්‍රම්ප් ඔහුගේ අධිකාරිය ඉක්මවා යමින් ජනතාව අතර ආතතීන් වැඩි කරමින් ඇති බවයි.
මීට පෙර පැවති අමෙරිකානු පරිපාලනයේ සංක්‍රමණ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ අනුවන පරිපාලකයින් විසින් මිලියන සංඛ්‍යාත නීතිවිරෝධී සංක්‍රමණිකයින්ට රටට ඇතුළු වීමට අවසර දුන් බවයි.