අමෙරිකාව පැනවූ තීරු බදු අඩු කිරීම හරහා ශ්‍රී ලංකාවට අලුත් අවස්ථා නිර්මාණය කරගත හැකි බව වැවිල සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ අමෙරිකාවට අමතරව විකල්ප වෙළඳපොල සොයා ගැනීම සම්බන්ධයෙන් ද මේ වන විට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවයි.

අමෙරිකාව පැනවූ බදු තවදුරටත් අඩු කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස හෙට යළි අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.