අමෙරිකාවේ පෙන්ටගනය යුද දෙපාර්තමේන්තුව ලෙස හැඳින්වීමට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. එරට ආරක්ෂක ලේකම්වරයාගේ තනතුර ද යුද ලේකම්වරයා ලෙස හැදන්වීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ජනාධිපතිවරයාට නීති සම්පාදනයකින් තොරව නිල වශයෙන් පෙන්ටගනයේ නම වෙනස් කළ නොහැකි අතර ඔහු ඒ සඳහා පරිපාලන කොංග්‍රසයෙන් අවසර ලබා ගත යුතු වනවා. පෙන්ටගනයට පෙර නම යටතේ ලෝක යුද්ධ දෙකෙහිම විශ්වාස කළ නොහැකි ජයග්‍රහණ ඉතිහාසයක් අමෙරිකාවට තිබූ බවට තර්ක කරමින් ට්‍රම්ප් නම වෙනස් කිරීමේ අදහස නැවත නැවතත් ඉදිරිපත් කර තිබෙනවා.