යුක්‍රේනයට ප්‍රහාරාත්මක අවි යැවීම සම්බන්ධයෙන් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඊට පෙර ඔහු නේටෝ සංවිධානයේ මහලේකම් මාර්ක් රූට් හමුවීමට නියමිත බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

පේටි්‍රයට් ගුවන් ආරක්‍ෂක මිසයිල ඇතුළු නවීන උපකරණ යුක්‍රේනයට ලබා දීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඉකුත් දා ප්‍රකාශ කර තිබුණා.

ඒ, යුක්‍රේනයේ සටන් විරාමයක් ඇති කිරීම සඳහා රුසියාව ප්‍රතිචාර නොදක්වන පසුබිමක් තුළයි.

කෙසේවෙතත් එලෙස ලබා දෙන අවි මොනවාද, කොපමණ ප්‍රමාණයක් ලබා දෙනවාද යන්න අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ නැහැ.

ඒ අනුව අද නේටෝ ප්‍රධානියා හමුවීමෙන් අනතුරුව යුක්‍රේනයට අවි ලබා දීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා තීරණයකට එළඹෙනු ඇති බවයි විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් දැක්වෙන්නේ.