ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දුරකථන සංවාදයක නිරතවී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ නායකයින් දෙදෙනාම ඉන්දියාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල ස්ථාවර ප්‍රගතිය සමාලෝචනය කළ බවයි.
ඔවුන් දෙපළ ප්‍රධාන කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බවද එම නිවේදනයේ සඳහන්.
ගෝලීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ඉදිරියට ගෙනයාම සඳහා ඉන්දියාව සහ එක්සත් ජනපදය සමීපව එක්ව කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත අවධාරණය කළ බවයි පැවසෙන්නේ.
අමෙරිකානු ජනාධිපතිවරයා සමග පැවැත්වූ දුරකථන සාකච්ඡාව සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල X ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.
එමගින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඉතා උණුසුම් හා ආකර්ෂණීය සංවාදයක් පැවැත්වු බවයි.




