Published
ටැන්සානියාවේ දින 3ක් පුරා පැවැත්වෙන මැතිවරණ විරෝධතා හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්වූ පිරිස තවත් ඉහළ යා හැකි බව එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසනවා.
එම පක්ෂය පවසන්නේ විරෝධතා හමුවේ මේ වන විට ජීවිතක්‍ෂයට පත්ව ඇති පිරිස 700කට අධික බවයි.
පවතින විරෝධතා පාලනය කිරීම සඳහා ටැන්සානියාවට ඇඳිරි නීතියද පනවා තිබෙනවා.
මේ වනවිට ටැන්සානියාවේ අන්තර්ජාල සබඳතාද අවහිර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය ඔක්තෝබර් 29වනදා පැවති එරට ජනාධිපතිවරණයේ අක්‍රමිකතා සිදු වූ බවට චෝදනා කරමින් මෙම විරෝධතා පැවැත්වෙනවා.
පාලක රජය විසින් ප්‍රධාන විපක්ෂ නායකයින් මර්දනය කර ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කරන බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.




