Published
රජයේ ගබඩා වෙත දැන් ගොවීන් වී ගෙනවිත් දෙමින් ඇතැයි කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී තවදුරටත් වී අස්වනු නෙළීමත් සමග රජයේ ගබඩා වෙත ලැබෙන වී තොග ක්‍රමයෙන් ඉහළ යනු ඇති බවයි.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ රජය විසින් ඉහළ මිලකට වී මිලදී ගන්නා බැවින් අඩු මිලට වී අලෙවි කිරීමට ගොවීන් කටයුතු නොකළ යුතු බවයි.
මේ අතර 2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර ඇත්තේ.