Published
ටී-56 වර්ගයේ ගිනි අවි 04ක් සන්තකව සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, වැලිගම පොලිස් වසමේ දොලොස්ගොඩවත්ත, ඉබ්බාවල ප්රදේශයේ සිදුකළ වැටලීමකදීයි. ටී-56 ජීව පතරොම් 27ක්, ටී-56 පතරොම් ගැබ් 01ක්, හෙරොයින් ග්රෑම් 02යි මිලිග්රෑම් 850ක් සහ රුපියල් අට ලක්ෂ තිස්දහසක මුදලක් සැකකරු සන්තකව තිබී සොයාගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 38 හැවිරිදි වැලිගම, ඉබ්බාවල ප්රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගෙන් සිදුකළ ප්රශ්න කිරීම් අනුව අපරාධයක් සිදු කිරීමට කුමන්ත්රණය කළ සැකකාරියක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.




