සමගි ජන බලවේගයේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය සමඟ පොදු ගමනකට කෘත්‍යාධිකාරී මණඩලයේ අනුමැතිය හිමි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී මීට අදාල ඒකමතික තීන්දුවක් ලබාගත් බවයි.

මෙම ගමන සමගි ජන බලවේගයේ නායකත්වයෙන් ඉදිරියට යන නමුත් එහිදී පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ.