ඩක්කුවක් කඩා වැටී අපවත් වූ මෙරට භික්ෂූන් වහන්සේ සිව්නමගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කෙරෙනවා. කුරුණෑගල, මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ උන්වහන්සේලාගේ දේහයන් ඊයේ තැම්පත් කෙරුණා. උන්වහන්සේලාට අවසන් ගෞරව දැක්වීම සඳහා භික්ෂූන් වහන්සේ, දේශපාලඥයින් ඇතුලු සැදැහැවතුන් විශාල පිරිසක් එම ආරණ්‍ය සේනාසනයට මේ වන විටත් පැමිණෙමින් සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කුරුණෑගල, මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් කඩා වැටීමෙන් විදෙස් භික්ෂූන් වහන්සේ තුන්නමක් ඇතුලු භික්ෂූන් වහන්සේ හත්නමක් අපවත් වුණා.