පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට අයවැය යෝජනා මගින් කැබ් රථ ලබා දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වුණා.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා.
අදාළ කැබ් රථ ගෙන්වීමට ටෙන්ඩර් කැඳවීම නිසි ක්රමවේදටයක් ඔස්සේ සිදු වී නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පැවසුවේ.
මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සියලුදෙනාට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
වත්මන් ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු අමතක කරමින් සිටින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන මහතා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.




