Published
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් මිලියන 10 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අද අධිකරණයට ඉදිරිපත් වුණා. ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය රුපියල් මිලියන 10 ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා නියෝග කළා. වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනු කර තිබූ නඩු 07 ක් ඉකුත්දා කැදවූ අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු වුණා.